ඇට මිදුලු බද්ධ කිරීම ව්‍යාප්තියට ජනක සෛල ලේඛනයක්..

ඇට මිදුලු බද්ධ කිරීම ව්‍යාප්තියට ජනක සෛල ලේඛනයක් - ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය

by Staff writer 14-06-2024 | 10:17 AM

COLOMBO (News 1st) – ලෝක රුධිර පාරවිලයන දිනය අදට(13) යෙදී තිබේ. 

මෙවර එහි තේමාව ''ජිවිත සුරක්ෂිතතාව සඳහා පිය නගමු '' යන්නයි.

ඇට මිදුලු බද්ධ කිරීම ව්‍යාප්තියට ජනක සෛල ලේඛනයකි

රුධිරය මිනිසා ප්‍රමුඛ සත්ත්ව ප්‍රජාවගේ ජීවය පවත්වාගෙන යාමට අවශ්‍යවන ප්‍රධාන සංඝටක කිහිපය ඇතුරින් එකකි.

රුධිර පාරවිලයන දිනය ලොව පුරා සැමරෙන්නේ රුධිර ඝන පිළිබඳව සොයාගත් කාල් ලැන්ස්ටයිනර් නම් විද්‍යාඥයාගේ උපන්දිනය සිහි කරමින් ය.

මෙරට වාර්ශික රුධිර අවශ්‍යතාව ඒකක ලක්ෂ හතරාමාරකට අධිකයි

මෙරට රුධිර අවශ්‍යතාවයෙන් 100%ක්ම ලබා දෙන්නේ පරිත්‍යාගශීලීන් වීම විශේෂත්වයකි. 

මෙරට වාර්ෂික රුධිර අවශ්‍යතාවයෙන් 85% ක් එක්රැස් කරන්නේ ජංගම කඳවුරු හරහායි.

මෙවර රුධිර පාරවිලයන දිනයට සමගාමීව ඇට මිදුලු බද්ධ කිරීමට අවශ්‍ය ජෛව සෛල දන් දිය හැකි පුද්ගලයින්ගේ ලේඛනයක් පිළියෙල කිරීම අද ආරම්භ කරන බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේ ය.