විදේශ ගමන් බලපත්‍ර 8ක් සමග කාන්තාවක් අත්අඩංගුවට..

විදේශ ගමන් බලපත්‍ර 8ක් , බැංකු පොත් සහ ව්‍යාජ 5000ක මුදල් නෝට්ටුවක් සමග කාන්තාවක් අත්අඩංගුවට..

by Staff writer 13-06-2024 | 4:34 PM

COLOMBO (News 1st) –  විදේශ ගමන් බලපත්‍ර 8ක් , විවිධ බැංකු පොත් සහ ව්‍යාජ 5000 ක මුදල් නෝට්ටුවක් සමග කාන්තාවක් කැලණියේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලීසිය සඳහන් කළේ, සැකකාරිය සතුව තිබී විවිධ රබර්  මුද්‍රා 11 ක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් සහ රියැදුරු බලපත්‍රයක් ද හමුවු බවයි.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 52 ක් වන ජා ඇළ ප්‍රදේශයේ පදිංචිකාරියකි.