දැරියකට පහරදුන් සුළු පියෙකු අත්අඩංගුවට..

දැරියකට පහරදුන් සුළු පියෙකු අත්අඩංගුවට..

by Staff writer 13-06-2024 | 4:32 PM

colombo (news1st) - දැරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 

ගොඩගම ප්‍රදේශයේ 9 හැවිරිදි අදාළ දැරියට පහරදි  තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ සුළු පියායි.

පොලිසීය පැවසුවේ තුවාල ලැබූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු යුද හමුදා සෙබලෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.