ජෝන් ෆ්‍රැන්සුවාගේ දේහය පිළිබඳ ඉදිරි කටයුතුවලට සහය

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිගේ දේහය පිළිබඳ ඉදිරි කටයුතුවලට පූර්ණ සහය ලබාදෙනවා - විදේශ කටයුතු අමාත්‍යාංශය

by Staff writer 27-05-2024 | 10:23 AM

COLOMBO (News 1st) -  ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අභාවප්‍රාප්ත ජෝන් ෆ්‍රැන්සුවා මහතාගේ දේහය පිළිබඳ ඉදිරි කටයුතු සඳහා ප්‍රංශ බලධාරින්ට මෙන්ම ඔහුගේ පවුලට පූර්ණ සහය ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, දේහය පිළිබඳව අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී බලධාරින් දැනුම් දෙනු ඇති අතර මෙම ශෝකජනක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සමග සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රැන්සුවා මහතා  ඊයේ අභාවප්‍රාප්ත විය. 

මියයන විට  ජෝන් ෆ්‍රැන්සුවා මහතාගේ වයස අවුරුදු 53 කි. 

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවසේ සිටියදී ඔහු අභාවප්‍රාප්තවී තිබේ.

පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුවූ ඔහු ජාත්‍යන්තර අත්දැකීම් බහුල නිලධාරියෙකි.