හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට..

පානදුරේදී හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට..

by Staff writer 27-05-2024 | 7:25 AM

COLOMBO (News 1st) - පානදුර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම්1යි ග්‍රෑම් 850 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ලද තොරතුරක් මත කළ වැටලීමකදි එම හෙරොයින් තොගය හා සැකකරු අත් අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.