ඇල්ල - වැල්ලවායේ නායයෑම පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක්

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ නායයෑම පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයට

by Staff writer 26-05-2024 | 6:18 AM

COLOMBO (News 1st) - ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදු වූ නායයෑම පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් අද (26) මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කළේ, දීර්ඝ කාලීනව එම ප්‍රදේශය ස්ථාවර කිරීමට හැකි ක්‍රම සහ සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් ඔවුන් සොයා බලන බවයි.