සිරසානමාමි වෙසක් කලාපය අද තුන්වැනි දිනටත්..

සිරසානමාමි වෙසක් කලාපය අද තුන්වැනි දිනටත්..

by Staff writer 25-05-2024 | 7:35 AM

COLOMBO (News 1st) -  සම්බුදු තෙමඟුල වෙනුවෙන් පැවැත්වෙන සිරසානමාමි සිරස වෙසක් කලාපය අද(25) තුන්වැනි දිනටත් පැවැත්වෙයි. 

ඒ , කොළඹ 02, බේබෲක් පෙදෙස සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ය.

වෙසක් කලාපයේ නිර්මාණය කර ඇති මනරම් තොරණෙන් නිරූපණය වන්නේ කට්ඨාරි ජාතක කථා වස්තුවයි.

සිරස වෙසක් කලාපයට පිවිස, විදුලි පහනින් ඒකාලෝක කර ඇති වීදිවල සැරිසරන ඔබට අලංකාර පහන් කූඩු  නැරඹීමට හැකියි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් විශේෂ ප්‍රදර්ශනයක් ද මෙවර සිරස වෙසක් කලාපය තුළ පැවැත්වෙන්නේ ප්‍රථම වරටයි.

අද පස්වරු 6.30 සිට සිරස වෙසක් කලාපය ජනතාව වෙනුවෙන් විවෘතව පවතී. 

මේ අතර සිරස TV මාධ්‍ය දායකත්වය සපයන අසිරිමත් කූරගල වෙසක් කලාපය අද තුන්වැනි දිනටත් ක්‍රියාත්මකයි.