ඩොලර් 28,400කට වෙන්දේසි වූ පිහාටුවක්..

ඩොලර් 28,400කට වෙන්දේසි වූ පිහාටුවක්..

by Chathurika Jayasundara 25-05-2024 | 10:32 AM

නවසීලන්තයේ හුයියා “huia” නම් පක්ෂියාගේ පිහාටුවක් වාර්තාගත මුදලකට වෙන්දේසි වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා  

එය වෙන්දේසියක මෙතෙක් අලෙවි වූ ලොව මිල අධිකම පිහාටුව බවට පත් වී තිබෙනවා 

ග්‍රෑම් 9 ක බරකින් යුක්ත මේ පිහාටුව‍ ඩොලර් 28,400කට අධික මුදලකට අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා 

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 85ක පමණ වටිනාකමකින් යුක්තයි. 

වෙන්දේසියේදී පිහාටුව අලෙවි වේයැයි  අපේක්ෂා කර තිබුණේ ඩොලර් 3,000කටයි.

නමුත් අපේක්ෂා කළ මුදලට වඩා විශාල මිලකට පිහාටුව අලෙවි වී ඇති බව වෙන්දේසිය සංවිධානය කළ ආයතනය පවසා තිබෙනවා.

වෙන්දේසි සංවිධානයේ ප්‍රධානී විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, මේ පිහාටුව වසර 100ක් පමණ පැරණි වන නමුත් එය  අපූරු සුන්දරත්වයකින් යුක්ත බවයි. 

හුයියා පක්ෂියා අවසන් වරට දැක ඇති බව වාර්තා වන්නේ 1907 වසරේදී ය. 

මෙම පක්ෂීන්ගේ පිහාටු හිස් පළඳනාවලට සවි කිරීමටත්, තෑගී ලෙස හෝ විකිණීමටත් භාවිත කර තිබෙනවා.

මවෝරි නම් ජන කොට්ඨාසය මෙම පක්ෂීන් පූජ්‍යත්වයෙන් සලකන අතර, පක්ෂීන්ගේ පිහාටුවලින් සාදන හිස් ආවරණයක් පැළඳීමට අවසර හිමි වූයේත් මවෝරි ප්‍රධානීන්ට පමණයි 

වෙනත් ලිපි