ISIS සමග සබඳතා පවත්වන පුද්ගලයින් සෙවීමට විමර්ශන..

ISIS සංවිධානය සමග සබඳතා පවත්වන මෙරට සිටින පුද්ගලයින් සෙවීමට බුද්ධි අංශ විමර්ශන..

by Staff writer 24-05-2024 | 7:05 AM

COLOMBO (News 1st) - ISIS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පවත්වන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, බුද්ධි අංශ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවයි.

මේ අතර, ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පසුගියදා කමිටුවක් පත් කෙරිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ එම කමිටුව ක්‍රියාත්මකයි