'සිරසානමාමි' සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘතයි

'සිරසානමාමි' සිරස වෙසක් කලාපය බැතිමතුන් වෙනුවෙන් අද පස්වරුවේ විවෘත කෙරේ

by Staff writer 23-05-2024 | 6:01 AM

COLOMBO (News 1st) - 'සිරසානමාමි' සිරස වෙසක් කලාපය අද (23) පස්වරු 3.30 සිට සැදැවතුන්ගේ වන්දනාමනය සඳහා විවෘත වනු ඇත.

බැතිමතුන්ට අද සහ හෙට සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රමුඛ මහරහත් ධාතූන් වහන්සේ වැඳපුදා ගත හැකියි.

අද සිට දින 4ක් සිරස වෙසක් කලාපයේදී මනරම් තොරණ, අලංකාර පහන් කූඩු, සැදැහැ ගී හා රූකඩ සංදර්ශන නැරඹිය හැකියි.

කූරගල රජමහා විහාරස්ථානයේ සිට සිරසානමාමි සිරස වෙසක් කලාපයට වැඩම කරවන, සර්වඥ ධාතූන් වහන්සේ මේ වනවිට තැන්පත් කර තිබෙන්නේ කැලණිය රජමහා විහාරස්ථානයේයී.

සර්වඥ ධාතූන් වහන්සේ අද පස්වරු 2.00 ට පමණ කොළඹ 02 බේබෲක් පෙදෙසේ  සිරස වෙසක් කලාපයට වැඩම කරවනු ඇත.

මේ අතර කොළඹ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ තැන්පත් කර ඇති සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ අද පස්වරු 3.00 ට අලංකාර රිය පෙරහැරකින් සිරස වෙසක් කලාපයට වැඩම කරවීමට නියමිතයි. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංවිධානය කරන පුරා විද්‍යා ප්‍රදර්ශනක් ද මෙවර සිරස වෙසක් කලාපයේ පැවැත්වේ.

ශ්‍රී ලංකා පොලීසිය සහ කොළඹ මහ නගර සභාව සිරසානමාමි වෙසක් කලාපය සමග මෙවර අත්වැල් බැඳගෙන සිටි.