ලෝකෙම කතා වුණ මේ ඊබ්‍රහීම් රයිසි කියන්නෙ කවුද?

ලෝකෙම කතා වුණ මේ ඊබ්‍රහීම් රයිසි කියන්නෙ කවුද?

by Staff writer 21-05-2024 | 8:25 AM

COLOMBO (News 1st) - මුළු ලෝකයම කැළඹූ උඩුගුවනේ අබිරහස හෙළි වෙලා හෝරා කිහිපයයි. 

ලෝකෙම කතා වුණ මේ ඊබ්‍රහීම් රයිසි කියන්නෙ කවුද? 

1960 දී ඉරානයේ Mashhad හිදී උපන් ඊබ්‍රහීම් සාම්ප්‍රදායික දේශපාලන අදහස් ඇති දැඩි මතධාරී පුද්ගලයෙක් කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පූජකයයෙක් වන රයිසිගේ පියා රයිසි ට අවුරුදු 5ක් වනවිට ජීවිතයෙන් සමුගනී.

පියාගේ අඩිපාරේ යමින් රයිසි අවුරුදු 15දී පමණ ක්වොම් නගරයේ පිහිටි ආගම උගන්වන මධ්‍යස්ථානයකට රයිසි ඇතුළු වේ. 

ශිෂ්‍යයෙක් වශයෙන් රයිසි ෂා පාලනයට එරෙහිව උද්ඝෝෂණ සඳහා එක්වී ඇති අතර 1979 දී අයතුල්ලා රුහොල්ලා නායකත්වය දුන් "ඉස්ලාමීය විප්ලවය" විසින් ෂා පාලනය බිඳ හෙළුවේ ය. 

ඉස්ලාමීය විප්ලවයෙන් අනතුරුව ඔහු 1981 දී එරට අධිකරණ ක්ෂේත්‍රය හා සම්බන්ධව කටයුතු කර තිබේ.  

ඊබ්‍රහීම් රයිසි ඉරානයේ ජනාධිපති ධුරයට පත් වෙන්නේ, 2021 වසරේදීයි. 

ඔහු ඉරාන ඉස්ලාමීය ජනරජයේ අටවැනි ජනාධිපතිවරයායි. 

ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඊබ්‍රහීම් 2019 සිට 2021 දක්වා ඉරානයේ අගවිනිසුරුවරයා ලෙස ද කටයුතු කර තිබුණි. 

2014 - 2016 ඉරානයේ නීතිපති ධුරය හෙබවූයේ ද ඊබ්‍රහීම් රයිසි විසිනි. 

රයිසි කියන්නේ, ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිට සමීප දැඩි මතධාරී අදහස් තියෙන නායකයෙකි. 

මේ දැඩි මතධාරී අදහස් නිසාම රයිසි පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු නායකයෙක්ය.

ඉරාන, ඊශ්‍රායල යුධමය වාතාරණයක් එක්ක රයිසිගේ රැඩිකල් ක්‍රියාකලාපය ලෝකයේම අවධානයට ලක්වුණි.

ඊශ්‍රායලය සමග සෘජු යුධ ගැටුම් ආරම්භ කරලා කෙටි කාලයකින් ඉරාන ජනාධිපති නොබියව පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ලෝක දේශපාලනයේ කතාබහට ලක්වූ පුවතක් විය.

මතක ද ? ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කළේ, යුද්ධයක් පවතින අවස්ථාවක සිදුකරන මෙම සංචාර හරහා ඉරානය බලවත් රටක් යන පණිවිඩය කලාපයට හා ලෝකයට ලබාදෙනවා කියායි.  

මුළු ලෝකයටම ප්‍රශ්න රැසක් ඉතිරි කරපු මේ අනතුර ස්වභාවික මරණයක් ද? නැතිනම් සැලසුම් සහගත ඝාතනයක්ද? 

දියුණු තාක්ෂණයක් තියෙන ඉරානය වග‍ෙ රටක මෙවැනි නායකයෙක් ගමනක් යද්දී අයහපත් කාලගුණ තත්ත්වයන් ගැන
කලින් සොයා බැලීමක් කරන්නේ නැද්ද? 

විශේෂයෙන්ම ජනාධිපතිවරයෙකු ආරක්ෂාව සම්බන්ධයෙන් පෙර සූදානම ගැන මේ වෙද්දී විදෙස් පුවත් විශේලේෂකයින් අවදානයට ලක් ව තිබේ.

වෙනත් ලිපි