ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට..

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට..

by Staff writer 20-05-2024 | 9:32 AM

COLOMBO (News 1st) - හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන - අසර්බයිජාන දේශසීමාව ආසන්නයේදී හෙලිකොප්ටර් යානය ඊයේ පස්වරුවේ හදිසි ගොඩබෑමකට ලක්ව ඇතැයි වාර්තා විය.

එහෙත්, ඉන් අනතුරුව ඒ පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවීමත් සමග සෝදිසි මෙහෙයුම් ආරම්භ විය. 

අනතුර සිදුව අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටරය තුළ සිට ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 9 කි.

ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දොල්ලහන් සහ ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින් ඒ අතරට ඇතුළත් ය.