පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද සිට..

රජයේ පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ඇරඹෙයි..

by Staff writer 20-05-2024 | 7:22 AM

COLOMBO (NEWS1ST) - රජයේ පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද(20) ආරම්භ වෙයි

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ තෙවන අදියර මැයි මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි. 

ජුනි මස 03 වැනිදා ආරම්භ වන දෙවන පාසල් වාරය අගෝස්තු මස 16 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙයි. 

කෙසේ වෙතත් පුත්තලම දිස්ක්‍රික්කයේ සියලුම පාසල් සඳහා අද දිනයේ නිවාඩු ලබා දී තිබේ. 

ඒ වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතාගේ නියෝග පරිදියි.

පුත්තලම් දිස්ත්‍රික්කයට ගංවතුර තත්ත්වයක් උද්ගත ඇති බැවින් දිස්ත්‍රික් ලේකම්වරයා සහ පළාත් ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාසැල් දූ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ. 

මේ අතර, වැටුප් විෂමතා මුල් කර ගනිමින් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට රජයේ ගුරු විදුහල්පතිවරුන් තීරණය කර තිතිබේ. 

ශ්‍රී ලංකා රජයේ, ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ශෙහාන් දිසානායක මහතා පැවසුවේ, ඒ අනුව අද සිට පාසල්වල අමතර කාර්යයන්වලින් තමන් ඉවත් වන බවයි.