ජනපති අද ලෝක ජල සමුළුව අමතයි..

ජනපති අද ලෝක ජල සමුළුව අමතයි..

by Staff writer 20-05-2024 | 7:16 AM

COLOMBO (NEWS1ST) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(20) 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියේ විශේෂ දේශනය පැවැත්වීමට නියමිතව තිබේ. 

“සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ ඉන්දුනීසියාවේ බාලි නගරයේදී ඊයේ ආරම්භවූ 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය හෙට අවසන්වීමට නියමිතයි.

ඉන්දුනීසියා ජනපති ජොකෝ විඩෝඩෝගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම සංචාරයට සහභාගී විය.

මේ අතර, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද, ලෝක ජල සමුළුවට සහභාගී වෙයි.

හිටපු ජනාධිපතිනිය එම සමුළුවට සහභාගී වන්නේ, ඉන්දුනීසියා රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ ආරාධනයකට අනුවයි.