.webp)
COLOMBO (News 1st) - ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හදිසි අභාවයෙන් පසු ඉරාන උප ජනාධිපති මොහොමඩ් මොක්බර් මහතා අන්තර්වාර ජනාධිපතිවරයා බවට පත්වනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
ඒ අනුව, අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස 68 හැවිරිදි වියේ පසුවන මොක්බර් මහතා කතානායකවරයා සහ අධිකරණ ප්‍රධානියා සමග ත්‍රිපුද්ගල කවුන්සිලයේ සාමාජිකත්වට පත්වෙනු ඇති.
ඉරාන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ මරණයෙන් දින 50ක් ඇතුළත නව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි.
වයඹ දිග ඉරානයේ ඊයේ(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ තවත් කිහිප දෙනෙකු මිය ගිය බව තහවුරු වී ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය පවසයි.