මන්ත්‍රීවරු යකා නැටූ තායිවාන පාර්ලිමේන්තුව

මන්ත්‍රීවරු යකා නැටූ තායිවාන පාර්ලිමේන්තුව

by Chathurika Jayasundara 18-05-2024 | 2:11 PM

COLOMBO (News 1st) -  තායිවාන පාර්ලිමේන්තුවේදී ඊයේ ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.  

විදෙස් මාධ්‍ය පවසන්නේ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳ කළ සාකච්ඡාවක් අතරතුර මන්ත්‍රීවරුන් මෙලෙස ගුටිබැට හුවමාරුවක නිරතවූ බවයි. 

ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ දැඩි මතභේදයකදී මන්ත්‍රීවරුන් එකිනෙකා තල්ලු කර ගනිමින් මෙලෙස පහර දී තිබෙනවා 

තායිවාන නව ජනපති ලෙස තේරී පත් වූ Lai Ching-te (ලායි චිං-ටේ ) සිය ධූරයේ වැඩ භාර ගැනීමට දින කිහිපයකට පෙර මෙම පාර්ලිමේන්තු ගැටුම ඇතිවීම ද විශේෂත්වයක්.

එමෙන්ම, ඇතැම් මන්ත්‍රීවරු කතානායක අසුන වටා රොක් වූ බවත්, අනතුරුව සභාවේ උණුසුම්කාරී තත්ත්වය සමනය වී තිබෙනවා.

නමුත් පස්වරුවේදී නැවතත් සභාව උණුසුම් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා