අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද

අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ..

by Staff writer 12-05-2024 | 11:03 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද (12) ආරම්භ වේ.

තරග පැවැත්වෙන්නේ A,B,C සහ D ලෙස කාණ්ඩ 4ක් යටතේයි.

අද තරග 4ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

CCC සහ නුගේගොඩ කණ්ඩායම් අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගනයේදිත්, කැන්ඩි කස්ටම්ස් සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අතර තරගය පනාගොඩදීත් පැවැත්වීමට නියමිත වේ.

එම තරග ද්විත්වය අද උදෑසන 9යි 45ට ආරම්භ වීමට නියමිත වේ.

පොලිස් සහ රාගම කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය මෙන්ම, පානදුර සහ කුරුණෑගල කණ්ඩායම් අතර පනාගොඩදී පැවැත්වෙන එම තරගය අද පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි.