T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නිල ජර්සිය එළි දක්වයි

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළි දක්වයි..

by Staff writer 11-05-2024 | 7:39 AM

COLOMBO (News 1st) - 2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළි දැක්වීම ඊයේ රාත්‍රියේ සිදු කෙරිණි.

ඒ සඳහා මෙවර අනුග්‍රාහකත්වය ලබා දුන්නේ මූස් ආයතනයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළි දක්වනු ලැබුවේ ජා-ඇල මූස් ආයතන පරිශ්‍රයේ පැවති උත්සවයකදී.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්, මූස් ආයතන නිලධාරීන්, කලාකරුවන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ඩී කාණ්ඩයෙන් තරග කරයි.

ඔවුන් සහභාගී වන  පළමු තරගය ලබන මස 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්වීමට නියමිතයි.