COLOMBO (News 1st) - මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු සඳහන් කළේ පක්ෂයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධුර කඩිනමින් පිරවීමට කටයුතු කරන බවයි.
මේ අතර, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ ආසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය ඊයේ තීරණය කළේ ය.
දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය ලසන්ත අලගියවන්න, වීර කුමාර දිසානායක හා නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ සභාභාගිත්වයෙන් එම කමිටුව පත් කළ බවයි.
එහි සභාපතිත්වය තමන් විසින් හොබවන බවද දුමින්ද දිසානායක මහතා පැවසුවේ ය.