පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේ අවසන් දිනය අද..

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අද..

by Staff writer 26-04-2024 | 6:55 AM

COLOMBO (News 1st) - පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි.

ඒ සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වෙයි. 
කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇති.

ඊයේ හා පෙරේදා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් රැසක් විවාදයේදී අදහස් පළ කළේ ය.