රටපුරා ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ හිඟයක්...

රටපුරා ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ හිඟයක්...

by Staff writer 21-04-2024 | 8:04 AM

COLOMBO (News 1st) - මෙරට රොහල් පද්ධතිය තුල ඖෂධ සංයෝජක නිලධාරීන් 300 ට වැඩි පිරිසකගේ හිඟයක් පවතින බව, රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය පවසයි. 

එහි සභාපති උදේනි දසනායක මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් රෝහල් පද්ධතිය මේ වන විට ගැටලු රැසකට මුහුණ පා ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කල අතර ඔහු පැවසුවේ වසර 05 කට වැඩි කාලයක සිට එම නිලධාරීන්ගේ හිඟය පවතින බවයි.

එම හිඟයට පිළියමක් ලෙස මේ වසර තුළ ඖෂධ සංයෝජක නිලධාරින් බඳවා ගැනීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අනුව පුරප්පාඩු සංඛ්‍යාව බඳවා ගෙන ඔවුන් වසර එකහමාරක ඖෂධ සංයෝජක පුහුණුවෙන් අනතුරුව රෝහල් පද්ධතියට යොමු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.