ව්‍යාජ වෙබ් අඩවි 5ක් අන්තර් ජාලයෙන් ඉවතට

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි 5ක් අන්තර් ජාලයෙන් ඉවත් කෙරේ - ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

by Staff writer 21-04-2024 | 8:09 AM

COLOMBO (News 1st) - තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එවැනි ව්‍යාජ වෙබ් අඩවි  05 ක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

මේ අතර එවැනි වෙබ් අඩවි තුළට පිවිස මුදල් වංචා කළ සිද්දීන්  35 ක් පමණ වාර්ථා වී ඇති බවද  චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ ය.