අදත් දිවයිනේ උෂ්ණත්වය සැළකිය යුතු මට්ටමක...

අදත් දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සැළකිය යුතු මට්ටමක...

by Staff writer 21-04-2024 | 8:10 AM

COLOMBO (News 1st) - උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (21) අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

හැකිතාක් ජලය පානය කළයුතු අතර සෙවන සහිත ස්ථානවල සිටිය යුතු වේ.

වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ විශේෂ අවදානයක් යොමුකළ යුතු බව ද කාළගුණ නිවේදනයේ සඳහන් වේ.