.webp)
COLOMBO (News 1st) - පළාත් 07ක උණුසුම අදත් අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු , උතුරුමැද , බස්නාහිර , සබරගමුව , නැගෙනහිර , දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් ය.
මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල ද උණුසුම අද අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.