.webp)
COLOMBO (News 1st) - නිව්ස්ෆස්ට් සංවිධානය කරන රුහුණු අවුරුදු සිරි බක්මහ උළෙල අද(20) පැවැත්වෙයි.
ඒ , අක්මීමන ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී .
නිව්ස්ෆස්ට්, අක්මීමන ප්‍රාදේශීය සභාව, කුරුඳුවත්ත එක්සත් වෙළෙඳ සේවා සංගමය සහ කුරුඳුවත්ත තරුණ බෞද්ධ සංගමය එක්ව රුහුණු අවුරුදු සිරි බක්මහ උළෙල සංවිධානය කරයි.
ගම හරහා දිවීම, පා පැදි සවාරිය, ජන ක්‍රීඩා කොට්ටා පොරය, ලිස්සන ගසේ නැගීම, වාසනා මුට්ටි බිදීම ඇතුළු ජන ක්‍රීඩා රැසක් රුහුණු අවුරුදු සිරි බක්මහ උළෙලට ඇතුළත් ය.
අවුරුදු කුමරා සහ කුමරිය තේරීම සිදුවන්නේ අද පස්වරුවේදී ය.
බක්මහ උළෙල අවසානයේ ගායන තරු රැසක් පිරිවරා සන්ෂයින් සංගීත රාත්‍රිය ද ඔබව රසගැන්වීමට නියමිතයි