.webp)
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
එහි ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කළේ, ඒ අනුව කොමිසමේ අවසන් වාර්තාව ජූනි 15 වැනිදාට පෙර ජනාධිපතිවරයාට භාරදීමට සැලසුම් කර ඇති බවයි.
පසුගිය වසරේ ඔක්තොම්බර් මස 15 වැනිදා පත් කළ එහි නිල කාලය මේ මස 15 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණි.
මේ අතර මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා එක් එක් අංශ යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටු තුනක වාර්තා ලබා ගෙන කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීම මේ වනවිට සිදුකෙරෙන බව මාධව දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කළේ ය.
එක් අනු කමිටුවක් මගින් මැතිවරණ ක්‍රමය හා සම්බන්ධ ව්‍යවස්ථාපිත නීති රාමුව පිළිබඳ යෝජනා සලකා බලා නිර්දේශ ඉදිරිපත් කර ඇත.
තවත් අනු කමිටුවකින් මාධ්‍ය උපමාන, කාන්තා නියෝජනය ආදී කරුණු අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.
ලේකම්වරයා ප්‍රකාශ කළේ, අනෙක් අනු කමිටුවෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අපේක්ෂකයින්ගේ හා දේශපාලන පක්ෂවල කාර්ය භාරය,චර්යා ධර්ම පද්ධතියක් පිළියෙල කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන බවයි
මැතිවරණ ක්‍රමය සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කළේ හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වය ඇතිවයි.