ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 12-04-2024 | 7:15 AM

COLOMBO (News 1st) - දේශීය පුවත්

01.මියන්මාරයෙන් බේරාගත් ලාංකිකයින් 8 දෙනා තායිලන්තයේ තානාපති කාර්යාලයට

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ ශ්‍රී ලංකිකයින් 8 දෙනා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදී තිබේ.

02.උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමෙන් රජයට රු. බිලියන 200ක පාඩුවක්...

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් බිලියන 200කට ආසන්න මුදලක පාඩුවක් සිදුව තිබේ.

03.ලබන 15 වැනි දා රජයේ නිවාඩු දිනයක්..

ලබන 15 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

04.ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ඇරඹේ

 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වේ.

විදෙස් පුවත් 

01.ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන මර්සෙලීනෝ 124 වැනි උපන්දිනය සමරයි..

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන, මර්සෙලීනෝ අබාද් පසුගිය 5 වැනිදා සිය 124 වැනි උපන්දිනය සැමරුවා.