උසස් පෙළ ප්‍රතිඵල මැයි මාසයේ?

උසස් පෙළ ප්‍රතිඵල මැයි මාසයේ?

by Staff writer 12-04-2024 | 7:39 AM

COLOMBO (News 1st) - පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්ෂකයින්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම් තවදුරටත් සිදු කෙරේ.

පසුගිය ජනවාරි මස 4 වන දා සිට 30 වන දා උසස් පෙළ විභාගය පැවැත්වූ අතර  විභාගය සඳහා පෙනි සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව  තුන් ලක්ෂ හතලිස් දෙදහස් අටසිය අසූතුනක්.