විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි සටන් පාඨ කියමින් රට පුරා ස්ථාන 50 කදී ඔවුන් විරෝධතාවයේ නිරත වන බවයි.
මැතිවරණයක් පැවැත්වීම, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතරට ඇතුළත්.
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ද ඔවුන් ඉල්ලා සිටී.
ඊශ්‍රායල සහ හමාස් ගැටුම් ආරම්භ වී අදට මාස හයක් ගතව තිබේ.
මේ අතර හමාස් සටන්කාමීන් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෙකුගේ මළ සිරුරක්, ඊයේ (06) ඛාන් යුනික් නගරයෙන් සොයා ගැනිණි.