අත්අඩංගුවට ගත් කෙහෙළිය අද අධිකරණයට..

අත්අඩංගුවට ගත් කෙහෙළිය අද අධිකරණය හමුවට..

by Staff writer 03-02-2024 | 6:59 AM

 COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (03)අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 

ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ය. 

ඒ, ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය, කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පෙරේදා නියෝග කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙසයි.

අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් ද පැනවුවේ ය. 

ඊයේ උදෑසන 9 ට පමණ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණි අතර එහිදී කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. 

කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ වනවිට පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.