බලු පැටියා බේරගන්න හොරු ආපු වාහනයට පැන්න කාන්තාවක්

සොරකම් කළ සුරතල් බලු පැටියා බේරගන්න හොරු ආපු වාහනයට පැන්න කාන්තාවක්..

by Hashini De Mel 30-01-2024 | 2:52 PM

COLOMBO (News 1st) - තමන්ගේ සුරතල් බලු පැටියා සොරකම් කර පලා යාමට උත්සාහ කළ වාහනයක් සමග පොරබැදු කාන්තාවක් පිළිබඳ තොරතුරු අමෙරිකාවෙන් වාර්තා විය.

තම සුරතලා සොරා ගෙන යනවා දුටු කාන්තාව වාහනය මතට නැග නැවැත්වීමට උත්සාහ කර තිබේ.

මෙසේ මද දුරක් ගමන් කිරීමෙන් පසුව ඇය රථයෙන් ඇද වැටී ඇති අතර සුරතල් බලු පැටියා මේවන තෙක් ලැබී නැති බව විදෙස් මාධ්‍ය පවසයි.

ලොස් ඇන්ජලීස්හී ජීවත්වන ඇය මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පල කරමින් තම අත්දැකීම විස්තර කළා ය.

එලෙස සොරකම් කර ඇත්තේ ඇගේ ඔනික්ස් නම් ප්‍රංශ බුල්ඩෝග් වර්ගයේ බලු පැටියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනු ලබයි.