උසස්පෙළ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධ පරීක්ෂණ CIDයට

උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ CIDය භාරයට

by Staff writer 14-01-2024 | 8:29 AM

COLOMBO (News 1st) - මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීම පිළිබඳ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භර දී තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න පත්‍රය සංසරණය වීම සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි.

මෙවර උසස් පෙළ විභාගයේ පසුගිය ජනවාරි  10 වැනිදා පැවති  කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට පියවර ගැනුණේ අදාළ ප්‍රශ්න පත්‍රය, විභාගයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් වී ඇති බවට, තොරතුරු ලැබිමත් සමගයි.

ඒ අනුව ඊට අදළ නව විභාගය  පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන බව විභාග දෙපාර්තමේනතුව දැනුම් දුන්නේ ය.