.webp)
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් වැටලීමක් සඳහා පැලෑන ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ පිරිසක් වෙඩි තබා ඇති බවයි.
තුවාල ලැබූ පොලිස් නිලධාරියා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මියගොස් ඇත්තේ, දෙමටගොඩ පොලිස් විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැරයන්වරයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පරික්ෂණයක් ක්‍රියාත්මකයි.