යුක්තිය මෙහෙයුමේ සවිස්තර වාර්තාවක්..

යුක්තිය මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුට ගත් සැකකරුවන් ගණන 20,797 ක්

by Staff writer 31-12-2023 | 5:37 PM

COLOMBO (NEWS1ST) : පසුගිය 17 වැනිදා ආරම්භ කළ ''යුක්තිය'' මෙහෙයුමේදී මේ දක්වා අත්අඩංගුවට ගත් සම්පූර්ණ මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 858ක් වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තහනමට ගත් දේපොළ වටිනාකම මිලියන 558.5ක් බව පොලීසිය පවසයි. 

මත්ද්‍රව්‍ය පිළිබඳව මහජනතාව තොරතුරු ලබා දුන් ඇමතුම් සංඛ්‍යාව 10798කි.

මෙහෙයුම ආරම්භ වූ 2023.12.17 දින සිට 2023.12.31 කාලය තුළ “යුක්තිය" මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී පහත පරිදි සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 11kg 600g
අයිස්          08kg 378g
ගංජා          297kg 8 g
ගංජා පැල   2,110,500 
මාවා          119kg 600g
ඈෂ්            35kg 800g
හෂීෂ්          01kg 70g
තූල්            03kg 700g
කුෂ්            555g
මත්පෙති    72,272

මෙම මෙහෙයුම්වලදී මුළු සැකකරුවන් 20,797 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 1,018 ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එසේම සැකකරුවන් 189 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 1298 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇති. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4,584 දෙනෙකු අතුරින් මේ වනවිට සැකකරුවන් 1625 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල මුළු වෙළෙඳපොළ වටිනාකම මිලියන 858කට අධික බවට අනාවරණය වී ඇත.

එසේම, මෙම මෙහෙයුමට සමගාමීව දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් තහනමට ගෙන ඇති වාහන, නිවාස ඇතුළු      දේපොළ වල මුළු වෙළෙඳපොළ වටිනාකම මිලියන 558.5 කට අධික බව පොලීසිය වැඩිදුරටත් පවසයි.