මත්පැන් තොග රැස් කළොත් වැඩ වරදී....

මත් පැන් තොග රැස්කර ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා - සුරාබදු දෙපාර්තමේන්තුව

by Staff writer 31-12-2023 | 9:53 AM

COLOMBO (News 1st) - වැට් බදු ඉහළ යාම හේතුවෙන් අනවසරයෙන් මත් පැන් තොග රැස්කර ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, ඊට අදාළ වැටලීම් ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.