.webp)
එම රෝග හඳුන්වන්නේ, කොකු අංගමාරය සහ කඳ කුණු වීමේ රෝගය ලෙසයි.
අනුරාධපුර, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල බඩ ඉරිඟු වගාව ආශ්‍රිතව එම රෝග තත්ත්වයන් වාර්තා වන බව,උතුරු මැද පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂක බුද්ධික අබේසිංහ මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ ඒ හේතුවෙන් මේ වන විට අක්කර 1000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.
එම රෝග තත්ත්වය පවතින බඩ ඉරිඟු ශාක හදුනා ගන්නා ආකාරය ද, බුද්ධික අබේසිංහ මහතා පැහැදිලි කළේ ය.