ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 31-12-2023 | 7:55 AM

COLOMBO (News 1st) - දේශීය පුවත් 

01. සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතපසුවීම් ගැන වාර්ෂිකව පැමිණිලි 600ක් - සෞඛ්‍ය ඇමති

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතපසුවීම් පිළිබඳ වාර්ෂිකව පැමිණිලි 600 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 

02.බදු වැඩිවීමට සාපේක්ෂව බස්, පාසල් වෑන් හා ත්‍රීරෝද රථ ගාස්තු වැඩිකිරීමේ සූදානමක්..

වැට් බදු ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා හා ත්‍රිරෝද රථ හිමියන්ගේ අවධානය යොමුවී තිබේ. 

03.උතුරු සුමාත්‍රා මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හටගත් භු චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ - ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය

උතුරු සුමාත්‍රා මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

04.තැපැල් ගාස්තුත් සංශෝධනය වන ලකුණු?

ලබන වසරේ තැපැල් ගාස්තුව සංශෝධයට අවධානය යොමුවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

05.වර්ෂාවත් සමග ජලාශ හා වැව් 60 ක් වාන් දමයි.. අදත් උතුරු මැද ඇතුළු ප්‍රදේශ රැසකට වැසි.

වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 85% ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

ක්‍රීඩා පුවත් 

01.සිම්බාබ්බේ තරගාවලියේ එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස්ට: 20යි 20 නායකත්වය වනිඳු හසරංගට

සිම්බාබ්වේ සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මූලික සංචිතයන් නම් කර තිබේ.