කටුනායකින් ඇල්ලූ කිලෝ 7ක රන් බිස්කට්

කටුනායකින් හොර රහසේ පන්නන්න හැදූ කිලෝ 7ක රන් බිස්කට්...

by Haindu Gihan 31-12-2023 | 8:25 AM

COLOMBO (News 1st) - කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 700 ක් බර  රන් බිස්කට් 66 ක් සමග ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සේවකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ කාර්ය මණ්ඩල දොරටුවෙන් පිටව යමින් සිටියදියී.

එම රන් බිස්කට් තොගයේ වටිනාකම, රුපියල් මිලියන 176 ක්.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, අදාළ සේවකයා සිය යට ඇදුමේ, විශේෂ රඳවනයක ආධාරයෙන් පාර්සල් දෙකක් ලෙස සකස් කර එම රන් බිස්කට් රැගෙන යාමට තැත් කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු, කිරිබත්ගොඩ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුට එම රත්‍රං තොගය සංක්‍රමණික මගී පර්යන්තයේ ආපනශාලාවක් තුළ දී කිසියම් පුද්ගලයෙකු විසින් ලබා දී ඇති බව, මූලික රේගු විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි, අප වාර්තාකරු සඳහන් කළේ ය.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.