අදත් ප්‍රදේශ රැසකට තද වැසි ...

අදත් ප්‍රදේශ රැසකට තද වැසි ...

by Staff writer 31-12-2023 | 9:56 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 40 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.

අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර බදුල්ල, මහනුවර, මොණරාගල, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.