ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ..

උතුරු සුමාත්‍රා මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හටගත් භු චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ - ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය

by Staff writer 30-12-2023 | 11:58 AM

COLOMBO (News 1st) – උතුරු සුමාත්‍රා මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ, ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවයි.

ජාතික හා අන්තර් ජාතික ආයතන සමග එකගතාවයෙන්  නිවේදනය නිකුත් කළ බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ජාතික සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිත මුහුදේ මැග්නිටියුඩ් ඒකක 6.6 ක ප්‍රබලත්වයෙන් යුත් එම  භු චලනය අද පෙරවරු 10.49 ට පමණ සිදුවිය. 

ඒ, අදාල මුහුදු ප්‍රදේශයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් ය.