දියේ ගිලී දෙදෙනෙකු මරුට..

දියේ ගිලී දෙදෙනෙකු මරුට..

by Staff writer 11-12-2023 | 9:41 AM

COLOMBO (News 1st) – ඉදිගොල්ලෑගල වැවේ හා මහ වැවේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. 

පොලීසිය සඳහන් කළේ, ඉදිගොල්ලෑගල වැවේ ගිලී මිය ගිය පුද්ගලයා මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවකි.

මහ වැවේ ගිලී මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 62 ක් වන අතර, ඔහු කිසියම් රෝගී තත්ත්වයකින් පෙළන අයෙකු බව පොලීසිය සදහන් කළේ ය.