ට්‍රැවිස් හෙඩ් ICC නොවැම්බර් ක්‍රීඩකයා වෙයි..

ට්‍රැවිස් හෙඩ් ICC නොවැම්බර් මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගනී..

by Chathuranga Rajapaksha 11-12-2023 | 4:37 PM

COLOMBO (News 1st): ඔස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රිඩක ට්‍රැවිස් හෙඩ් 2023 නොවැම්බර් මාසයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් හොඳම පිරිමි ක්‍රිඩකයා ලෙස නම් කර තිබේ.

මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ශතකයක් ලබා ගත් ට්‍රැවිස් හෙඩ් ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන සිහිනය සැබෑ කිරීමට සමත් වුණා. 

ට්‍රැවිස් හෙඩ් සමග ඔස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් සහ ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සමී මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටියේය.

2023 නොවැම්බර් මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස බංග්ලාදේශයේ නහිඩා අක්තාර් නම් කර තිබේ.