අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි..

අද පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 11-12-2023 | 6:55 AM

COLOMBO (News 1st) –  අද(11) පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බවයි.

උතුරු, උතුරු මැද සහ නැගනහිර පළාත්වල විටින් විට වැසි ඇති වන බව සඳහන් ය.

අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.