.webp)
ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙන්නේ තමන්ගේ වාරය එනතුරු පොලිස් ස්ථානය තුළ පොලීමේ රැඳී සිටින අවස්ථාවේදීය.
වෙඩි වැදීම සම්බන්ධ CCTV දර්ශන ද මේ වනවිට මාධ්‍යට නිකුත් කර තිබේ.
හිස පිටුපසට වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව රෝහල්ගත කර තිබෙන අතර ඇයගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
වෙඩි වැදීම සම්බන්ධයෙන් චෝදනා ලබන පොලිස් නිලධාරියා වහාම වැඩ තහනමකට ලක් කර ඇති අතර ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ද පවරා තිබේ.
අත්වැරදීමක් හේතුවෙන් පොලිස් නිලධාරියාගේ අතින් වෙඩි වැදීම සිදුව ඇත්දැයි සොයා මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
නමුත් වෙඩි වැදුණු 55 හැවිරිදි කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය සහතික කිරීම භාර නිලධාරියා විසින් මුදල් ඉල්ලා ඇයට හිරිහැර කර ඇති බවත් ඔවුන් අතර බහින්බස්වීමක් ද සිදුව ඇති බවයි.
වෙඩි වැදීමට ලක්වූ කාන්තාව වන්දනා චාරිකාවක් සඳහා සෞදි අරාබියට යාමට සැලසුම් කර සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.