.webp)
නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, පැය පහමාරක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බවයි.
ඊයේ (09) පස්වරු 5.10 ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටුණි.
කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂයක් විදුලි බිඳ වැටීමට හේතුවිය.
හදිසියේ ඇති වූ තත්ත්වය හමුවේ, ජනතාව දැඩි පීඩාවට පත් විය.
සිදුවූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි, ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ ය.