බදුල්ල - බණ්ඩාරවෙල පාර බරවාහන සඳහා තාවකාලිකව වැසේ

බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය අද පස්වරු 6 සිට බරවාහන සඳහා පමණක් නැවත දැනුම්දෙනතුරු වසා තැබේ..

by Staff writer 10-12-2023 | 6:25 PM

COLOMBO (News 1st) –  බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය අද(10) පස්වරු 6.00 සිට බරවාහන සඳහා පමණක් නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට තීරණය කර තිබේ. 

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා සඳහන් කළේ, 6 කණුව ප්‍රදේශයේ නායයෑමේ අවධානමක් හේතුවෙන් එම තීරණය ගත් බවයි.