දිවයින පුරා විදුලිය බිඳ වැටෙයි..

පද්ධතියේ දෝෂයක් නිසා දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්..

by Staff writer 09-12-2023 | 5:49 PM

COLOMBO (News 1st) - දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම බිඳ වැටීම සිදුව ඇති බවයි.

විදුලිය සැපයුම යථාතත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව, ඔහු සඳහන් කළේ ය.