.webp)
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව විවිධ තනතුරුවලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 1877 කට උසස්වීම් ලබාදී තිබේ.
නාවික හමුදාව පැවසුවේ , සාමාන්‍ය නැවි තනතුර දක්වා නාවිකයන් 489 දෙනෙකු, බලනැවි තනතුර දක්වා නාවිකයින් 264 දෙනෙකු, නායක නැවි තනතුර දක්වා නාවිකයින් 625 දෙනෙකු හා ප්‍රධාන සුළු නිලධාරි තනතුර දක්වා නාවිකයින් 499 දෙනෙකු ඊළඟ තනතුර දක්වා උසස්කර ඇති බවයි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත එම උසස්වීම් ලබාදී තිබේ.