.webp)

COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(09) පස්වරු 5.00 සිට ඉරිදා උදෑසන 9.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය
