විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විදුලිබල පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරේ

by Staff writer 08-12-2023 | 9:13 AM

COLOMBO (News 1st) - නව ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 

ඒ ගැසට් අතිරේකයක් ලෙසයි.

විදුලිබල කර්මාන්තයට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය විධිවිධාන සැලසීම ,ඒ සඳහා ජාතික විදුලිබල උපදේශක සභාව පිහිටුවීම එමගින් අපේක්ෂිතයි.

විදුලිබල උත්පාදනය ,සම්ප්‍රේෂණය , බෙදාහැරිම හා වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් සමාගම් පිහිටුවීම ද මෙම පනත්කෙටුම්පත මගින් යෝජිත වේ. 

මෙම පනත් කෙටුම්පත නිකුත් කර ඇත්තේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි දෙසැම්බර් මස 05 දාතමින් යුතුවයි.